ද්විත්ව පුරවැසිය මේ පාර් ලිමෙන්තුවේ ඉන්න බැහැ – පාඨලී චම්පික රණවක

 

මෙම පාර් ලිමේන්තුව පත්වුයේ 19 වැනි සංශෝධනය යටතේ නිසා ද්විත්ව පුරවැසියන්ට පාර් ලිමෙන්තුවට පත්වීමේ අවස්ථාව නොතිබූ බව 43 සේනාංකයේ නායක හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා අද මෙලෙස ප්‍රකාශ කළේය.

” 19 සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය තිබුණා. ඒක ඉවත් වුණේ 20 සංශෝධනයෙන්.ඒ 20 සංශෝධනය එන්න කලින් තමයි මහ මැතිවරණය පැවැත්තුවේ. එතකොට 19 සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට ඉදිරිපත් වෙලා මන්ත්‍රීවරු වෙන්න බැහැ. කථානායකවරයාටත් පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා මේ ගැන සොයන්න. යම් කෙනෙක් 19 සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවයක් තබාගෙන මැතිවරණයට තරඟ කරලා ජයගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒ තොරතුරු වසන් කරලා පැමිණිලා තියෙන්නේ. ජනතාවගේ පරමාධිපත්‍යයට ඒ හානිය වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. සුදුසුම දේ තමයි එවැනි පුද්ගලයෝ ඉවත් වෙන එක.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *