සමගි ජන බලවේගය සමග මැතිවරණ තරඟ කරන්නේ නැහැ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මැතිවරණ තරඟ කිරීමට තම පක්ෂයේ සුදානමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කොට ඇත.
අත් අඩංගුවේ සිටින අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කර ගැනීමටත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත්කර ගැනීමත්, වැනි සීමිත අරමුණු සඳහා ඕනෑම දේශපාලන බලවේගයක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව ද ඒ මහතා කියයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි මැතිවරණවලදී සමගි ජන බලවේගය සමග එක්ව තරඟ කරන බවට ලැබෙන ආරංචි පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලෙස නාගමුව මහතා මෙම කරුණු ප්‍රකාශ කොට තිබේ.
