පාර් ලිමේන්තුව විසුරුවා ජනාධිපතිත් ඉවත් කරන්න නායකත්වය අපෙන් – කේ ඩී ලාල් කාන්ත

පාර් ලිමේන්තුව විසුරුවමින්, ජනාධිපති ඉවත් කිරීමේ සටනට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නායකත්වය ලබාදෙන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය විසින් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය නමින් කොළඹ හයිඩ් පිටියේ ඊයේ (27) පැවති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“තාම හොරු ඉන්නවා. හොරු පන්නමු. හොරාකාපුවා නැවත පවරාගමු. ජනාධිපති යැවුවා වගේ පාර්ලිමේන්තුවත් විසුරුවලා..ජනාධිපතිවත් යවන සටනකට ජනයා පෙළගස්වන්න ඕනේ.” යයි එහිදී අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේය.
