ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය


 

කෘෂිකාර්මික කටයුතුවලට අත්‍යවශ්‍ය ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම අනුමැතිය ලබා දී ඇත්තේ මස හයක කාලයක් සඳහා ය.

මේ සඳහා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් එල්ල වී නිෂ්පාදනය අඩු වී ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත. එය සැලකිල්ලට ගනිමින් මහ කන්නයේ දී සියලු කෘෂිකාර් මික කටයුතු සදහා ග්ලයිෆොසේට් භාවිතයට අවස්ථාව ලබාදීම සුදුසු බවට නිර් දේශ ඉදිරිපත්ව තිබේ. මේ අනුව ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *