ඩීසල් නැවක් එයි ; තවත් ඩීසල්, පෙට්‍රල් නැව් දෙකකට අත්තිකාරම් ගෙවයි

ඩීසල් නැවක් සඳහා ගෙවීම් ඊයේ සිදුකළ බවත්, තවත් ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් සඳහා අත්තිකාරම් ගෙවූ බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා කියයි.

එමෙන් ම ජෙට් ඉන්ධන ලබාගැනීම සඳහා අවුරුද්දක සැපයුම් ගිවිසුමකට අත්සන් කොට ඇති අතර එහි පළමු නෞකාව අගෝස්තු 12 – 14 අතර මෙරටට ළඟාවීමට නියමිත ය.

ඉන්ධන ලබාගැනීම සඳහා විදේශ විනිමය සපයාගැනීම දුෂ්කර වී ඇති බව ඇමතිවරයා මීට පෙර ප්‍රකාශ කොට තිබිණි.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් සගරාවට ප්‍රකාශ කොට තිබුණේ මුදල් සපයා ගැනීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ඉහත කී ඉන්ධන තොග ලැබුණු විට ඉදිරි මාසයක සේවා සඳහා කළමනාකරණය කරගත හැකිවන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *