සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි ජනපතිගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිත ඉල්ලීමක්

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර ඇති බව වාර්තා වෙයි.

රටේ ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා එකතු වන්නැයි එම ආරාධනයේ සඳහන් වෙි.

ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට  අදහස් කරන අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය කඩිනමින් දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ ස්වාධින වූ පක්ෂ දහයේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් තමන්ගේ යෝජනා ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

තවත් පක්ෂ කිහිපයක් ප්‍රකාශ කොට තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තීරණය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නිල ආරාධනයක් ලැබෙන තෙක් බලා සිටින බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *