තවත් පුරෝගාමී සංවිධානයක් අරගල බිමෙන් යයි

ගෝටා ගෝ ගම අරගල භූමියෙන් විවිධ සංවිධාන ඉවත්වෙමින් සිටින අතර අරගලය ආරම්භයේ සිටම එහි පාර්ශවකාර සංවිධානයක් ලෙස ක්‍රියාකාරීව සිටින ‘කළු තොප්පි ව්‍යාපාරය’ (Black Cap Movement ) ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කළ බව අද නිවේදනය කළේය.

එසේම, අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන ‘අරගලය 4.0’ නමින් අලුත් මෙහෙයුමක් ආරම්භ කිරීමට ද එම සංවිධානය තීරණය කර තිබේ.

අරගලය තව දුරටත් ගාලු මුවදොර බිම් කඩකට සීමා නොවන බව එම සංවිධානය කියයි.

ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ‘කළු තොප්පි ව්‍යාපාරය’ විසින් නිකුත්කර ඇති නිවේදනයක ඒ බව  සඳහන් වේ. එහි සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත හා හේමප්‍රිය කවිරත්න ද මහ ලේකම් අකලංක හෙට්ටිආරච්චි යන අයගේ අත්සනින් යුතුව එම නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *