සාකච්ඡා සාර්ථකයි ; ආධාර දෙන්න පෙර ණය ප්‍රතිව්‍යුහගතකර ගන්න – මුල්‍ය අරමුදල කියයි

 

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග කළ සාකච්ඡා සාධනීය වූ බවත් , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලැබීමට පෙර ශ්‍රී ලංකාව තම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම අවශ්‍ය බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත්  කරමින් අද ප්‍රකාශ කළේය.

අර්බුදයෙන් ගොඩයාම සඳහා ශ්‍රී ලංකාව තම රටේ උද්ධමනය පාලනය කළ යුතු බවත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගත යුතු බවත්, දුෂණ වංචා අවම කර ගත යුතු බවත්, එම නිවේදනයේ සඳහන් ය.

මෙරට දින දහයක සංචාරය අවසන් කරමින් මුල්‍ය අරමුදල මෙම නිවේදනය නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *