එක්සත් ජනපද නියෝජිතයෝ අද උදේ එති

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික, මූල්‍ය සහ සමාජීය අර්බුදකාරී පිළිබඳව සොයා බැලීම සදහා සිව් දෙනෙක්ගෙන් යුතු ඇමෙරිකානු ඉහල පෙළේ රාජ්‍ය දූත පිරිසක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ.
මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් (Robert Kaprot) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් කෙලී කේඩරින් ( Kelly Kedering ) යන මහත්වරු ද ඇතුළත් වී සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීහු සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
මෙරටට පැමිණෙන මෙම නියෝජිත පිරිස ජනාධිපතිතුමා, අගමැතිතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු දේශපාලන නායකයින් සහ නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත ය.
