21 ට කැබිනට් අනුමැතිය දෙන්න පෙර ජනාධිපති පොහොට්ටු පක්ෂය හමුවෙයි.

 

21 වැනි සංශෝධනයට අනුමැතිය දීමට සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන සතියේ කැබිනට මණ්ඩල රැස්වීම අද සවස පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් ජනාධිපතිතුමා විසින් කැඳවා ඇතැයි වාර්තා වෙයි.

කොළඹ ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව අද සවස 5.00 ට පැවැත්වීමට නියමිත ය.

21 වැනි සංශෝධනය අද ඉදිරිපත් කරන්නේ එමගින් ජන්ධිපතිගේ ඉවත්කරන බලතල බොහොමයක් මෙම ජනාධිපතිගේ නිල කාලයෙන් පසුව ක්‍රියාත්මක වීම සඳහා අන්තර්කාලීන විධිවිධාන සහිතව ය.

අගමැති සහ ඇමති මණ්ඩලය පත් කිරීමේ බලය වත්මන් ජනාධිපති දිගට ම තබාගනු ඇති අතර එමගින් ආණ්ඩුවේ පාලනය ඔහු යටතේ පවතිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *