මහින්ද ආවේ ජෙෂ්ටයන්ගේ විරෝධය මැද – හිටපු ඇමැති සාදයේදී කියයි .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වුයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට නායකයන්ගේ විරෝධය මැද බවත්, තරඟ නොකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතාද ඉල්ලා සිටි බවත්, හිටපු ඇමැතිවරයකුගේ කොළඹ නිවසක පැවති සාදයකදී ඇමතිවරයා තම අමුත්තන් සමග ප්රකාශ කොට ඇති බව අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඇමැතිවරයා එහිදී ප්රකාශ කොට ඇත්තේ විමල් වීරවංශ , ගම්මන්පිල , දිනේෂ් සහ වාසු යන සතරදෙනාගේ බලකිරීම නිසා මහින්දට තරඟ නොකර සිටිය නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවයි . මෙය හිටපු ජනාධිපතිවරයාගේ ප්රතිරූපයට හානිවන ක්රියාවක් බව මෙම හිටපු ඇමැතිවරයාගේ මතය වී තිබේ .
මෙසේ ප්රකාශ කළ ශ්රීලනිප ප්රබලයා හිටපු ජනාධිපතිවරයා විසින් ජේෂ්ට ඇමැති තනතුරකට පත්කරණු ලැබූවෙකි .
