සජිත් අගමැති සටන අතහරී ; විපක්ෂයක් ලෙස සහය දෙන බව කියයි.

පාර්ලිමේන්තුවේ බහුතරයේ සහය ඇත්තේ තමන්ට බව ඊයේ ප්‍රකාශ කළ සමගි ජන බලවේගය අද වනවිට එම ස්ථාවරය ඉවත් කර ගනිමින් විපක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ යහපත් දේට සහය දෙන බව ප්‍රකාශ කොට ඇත.
නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යැවූ ලිපියකට පිළිතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව දන්වා තිබේ.
ආණ්ඩුවට සම්බන්ධ නොවන බවත්, වගකිවයුතු විපක්ෂයක් ලෙස සහය දෙන බවත්, සජිත් ප්‍රේමදාස මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා යවා ඇත.
මේ අතර සමගි ජන බලවේගයේ කොටස්කරුවකු වන දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ද අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ජනතා ප්‍රශ්න විසඳීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කාලයක් ලබාදිය යුතු බවත්, ආණ්ඩුව පෙරළීමට කිසිදු සහයක් තම පක්ෂය ලබා නොදෙන බවත්, ය.
