අන්තර් පාලනයකට සහය දෙන්න සජබ තීරණය කරයි

 

යෝජිත අන්තර පාලනය පිහිටුවීමට සහය දීමට සමගි ජන බලවේගය අද තීරණය කොට ඇත.

අද දින නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නීතඥ සංගමය ඉදිරිපත් කොට ඇති ජාතික එකඟතාවයට සහය දීමට පක්ෂය තීරණය කළ බවයි. සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක් පිහිටුවීම එම වැඩ පිලිවෙලේ ප්‍රධාන යෝජනාවකි.

එමෙන් ම පළමුව 20 වැනි සංශෝධනය ඉවත් කොට පසුව විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම ද එම යෝජනාවල ඇතුලත් ය.

සමගි ජන බලවේගය අවධාරණය කරන්නේ එලෙස ජනාධිපති ක්‍රමය අවසන් කිරීම ප්‍රමුඛ කටයුත්තක් විය යුතු බව යි.

කෙසේ වෙතත්, අන්තර් වාර පාලනයකට සහය නොදෙන බවට එම පක්ෂයේ මෙතෙක් තිබු ස්ථාවරය ඒ අනුව වෙනස් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *