මත්තල ගුවන්තොට බදුදෙන්න ආණ්ඩුව මිලගණන් කැදවයි

ගුවන් යානා නොඑන ගුවන්තොටුපලක් බවට පත්ව ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කොට පවත්වාගෙන යාම සදහා රජය දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගෙන් මිල ගණන් කැදවා ඇත . ගුවන්තොට සදහා ආයෝජනය කොට දේශීය හා විදේශීය ගුවන් සේවා  පවත්වාගෙන යාම සදහා දිගුකාලීන බදු ගිවිසුමකට රජය සුදානම් බවද එහි සදහන්ය .

විශාල ලෙස ණය ලබාගෙන ඉදිකළ මෙම ගුවන්තොට ගුවන් යානා නොඑන ගුවන් තොටක් බවට පත්වීම නිසා ලබාගත් ණය ගෙවීමද ප්‍රශ්නයක් වී ඇත . කෙසේ වෙතත් මත්තල ගුවන්තොට ගුවන්යානා වලින් පුරවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *