මහ බැංකු ගනුදෙනුවල දුෂණ වංචා පරීක්ෂණයක් විගණකාධිපති කර නැහැ – බැදුම්කර පෞද්ගලිකව ගැනීමට වඩා වෙන්දේසිකිරිම පාඩුලු
මහා බැංකුවේ බැදුම්කර ගනුදෙනු පිලිබදව විගණකාධිපතිවරයා කෝප් කමිටුවට දී ඇති වාර්තාව මගින් එම ගනුදෙනුවලදී පාඩු සිදුවී ඇති බවත් මහා බැංකු අධිපතිවරයා අවශ්‍ය වෘත්තීය මට්ටමෙන් කටයුතු කොට නැති බවත් නිගමනය කොට ඇතත් වංචා හෝ දුෂණ පිලිබදව කිසිදු සදහනක් නැති බවත් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන අංශ කියයි . විගණකාධිපතිවරයා කියන්නේ බැදුම්කර පෞද්ගලිකව මිලදී ගත්තේ නම් වෙන්දේසි මගින් සිදු වූ අවාසිය මගහරවා ගත හැකිව තිබු බවයි . අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහා බැංකු අධිපති තනතුරට පත්වීමෙන් පසුව බැදුම්කර වෙන්දේසි කිරීම අරබීමෙන් පසුව මෙලෙස දිගින් දිගට පාඩු සිදු වී ඇති බව විගණකාධිපති වාර්තාවේ සදහන් බව කියති . මෙය විවාදාත්මක නිගමනයක් වියහැකි බව අපගේ ආරංචි මාර්ග කියයි .
දුෂණ චෝදනා විමර්ශනයක් අවශ්‍ය නම් ඒ සදහා සුදුසු වෙනත් ආයතනයක් යොදාගතයුතු බවද මෙම වාර්තාවේ සදහන්ය .
