ගෝටාට නොයා ඉන්න අගසව්වෝ යවති ; ජොන්ස්ටන්ට, මහින්දානන්දට, රෝහිතට ඇමතිකම් නැහැ

ජනතා ඉල්ලීම් අනුව තනතුරින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කොට ඇති ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසා අප්‍රසාදයට ලක්ව සිටින සහ මේ දක්වා ඔහුගේ කිට්ටුම සගයින්ව සිටි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන මහත්වරුන් නව ඇමති මණ්ඩලයට ඇතුළත් කර නොගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
ජනතා විරෝධයට ලක් වුවන් ඉවත්කිරීමේ පදනම මත මෙම ඇමතිවරුන් ඉවත් කළ ද, ජනතාවගේ බලවත් විරෝධයට ලක් වී සිටින ජනාධිපතිවරයා තනතුරින් ඉවත් නොවීමට තීරණය කොට ඇත.
ජනාධිපතිගේ තවත් කිට්ටු ආධාරකරුවකුව සිටි හිටපු මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට ද ඇමති තනතුරක් නොලැබෙන බව වාර්තා වෙයි. තමන්ට ඇමති තනතුර අවශ්‍ය නැති බවට ඒ මහතා කල් තබා ම ලිපියක් ලියා ඇති බව ද වාර්තා වෙයි.
අලුත්, තරුණ ඇමති මණ්ඩලයක් පත් කරනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට තිබේ.
