ජනාධිපති අමාරුවේ දැම්මේ කුස්සි කබිනේට්ටුවයි – දරීශා බැස්ටියන්ස් – ඩේලි එෆ් ටී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැරලිකාර කණ්ඩායමට එරෙහිව සැහැල්ලු ආකල්පයකින් කටයුතු කීරීම මගින් අමාරුවේ වැටෙන තත්ත්වයට ජනාධිපතිතුමා පත්වුයේ එතුමා වටේ සිටි කිට්ටුවන්ත කණ්ඩායමේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා බව ඩේලි එෆ් ටී දේශපාලන විශ්ලේශෂිකා දරීශා බැස්ටියන්ස් කියයි . එජාපය ශක්තිමත් වීම පාලනය කීරීම සඳහා රාජපක්ෂ හිතවාදීන් කෙරෙහි දැක්වූ සැහැල්ලු ආකල්පය නිසාත්, මැතිවරණය ප්‍රමාද කීරීම නිසාත් අවසානයේ සිදුවුයේ රාජපක්ෂවාදීන් පක්ෂයේ බලය ලබාගැනීම බවත් දරීශා ගේ ලිපියේ සඳහන්ය .
ජනාධිපතිවරයා වටකරගත් මෙම කල්ලියට ජාතික හෙළ උරුමයේ ඇතැම් නියායාචාර්යවරු හා එජාප නායකයා සමග දැඩිලෙස විරසකව සිටින හා දැන් ජනාධිපතිගේ ආධාරකරුවන් වී සිටින හිටපු එජාප සාමාජිකයන් ද වන බව ඩේලි එෆ් ටී දේශපාලන විශ්ලේෂිකාව කියයි .
මෙම පිරිසට අවශ්‍ය වුයේ එජාප රජය ජනප්‍රියත්වයෙන් පිරිහෙන තෙක් මැතිවරණය ප්‍රමාද කීරීම බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි .
