නිදහස් දිනයට විපක්ෂය නැහැ

ආණ්ඩුව සංවිධානය කොට තිබු 74 වැනි නිදහස් දින සමුරු උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය ඇතුළු තවත් ප්‍රබල පිරිසක් සහභාගී නොවුහ.
ආණ්ඩුව රටේ මරණ බිය, රෝ බිය සහ දුර්භික්ෂ බිය යන තුන් බිය ඇතිකර ඇති අතර ජනතාවට සහන නොදී කෝටි ගණන් වියදම් කොට නිදහස් දින උත්සව පැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස තම පක්ෂය නිදහස් උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර කතෝලික සභාවේ අග රද ගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ ද නිදහස් දිනයට සහභාගී නොවුහ. පාස්කු ප්‍රහාරය ගැන සත්‍යය රටට හෙළි කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම ගැන විරෝධය පළ කිරීම සඳහා එතුමා නිදහස් දිනයට නොපැමිණීමට තීරණය කොට තිබිණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද නිදහස් දින උත්සවයට සහභාගී නොවී ය.
රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් ද උත්සව භුමියේ දක්නට නොවී ය.
