’’ඔමික්‍රෝන් රැල්ල වැඩි කල් පවතින්නේ නැහැ ’’ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා

වේගයෙන් පැතිර ගොස් එක වරම නතර වීම ඔමික්‍රෝන් වෛරසයේ මුලික ලක්ෂණයක් බවත්, ශ්‍රී ලංකාවේ ඕමික්‍රෝන් රැල්ල ද වැඩි කල් නොපවතිනු ඇතැයි ද රාගම වෛද්‍ය පීටයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ලෝකයේ වෙනත් රටවල අත්දැකීම එය බවත්, ශ්‍රී ලංකාවේ දී ද එලෙස ම සිදුවනු ඇති බවත් ඒ මහතා කියයි
ඔමික්‍රෝන් රැල්ලක් පැතිර ගියත් පවතින තත්වය යටතේ රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.
මේ අතර කොවිඩ් තෙවැනි මාත්‍රාව ලබා නොගතහොත් ඉදිරියේදී මරණ වැඩිවීමට ඉඩ ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
ලංකාදීප පුවත්පතේ සුජිත් හෙවාජුලිගේ මාධ්‍යවේදිය කළ විමසුමකට පිළිතුරු ලෙස මහාචාර්ය වරයා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.
