මුදල් නැතත් වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අධියරට මුල්ගල තබයි

ඉදීකිරීම් සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන නැතත්, වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අධියරේ වැඩ කරයුතු සඳහා ඊයේ මුල්ගල තබනු ලැබීය.
ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් දෙවන අධියරේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කරනු ලැබී ය.
වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 700 ක් පමණ වියදමක් දැරීමට සිදුවන බවයි.
සිවිල් ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 200 කට වැඩි මුදලක් ද එහි සවිකරන උපකරණ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 300 ක් ද , මෙහෙයුම් පද්ධතිය සඳහා ඩොලර මිලියන 20 ක් ද වැයවන අතර කන්ටේනර් අංගනය සඳහා මිලියන 200 ක් ද වශයෙන් මෙම මුදල වැයවනු ඇත.
මෙම මුදල් සපයාගැනීමේ ක්‍රමයක් දැනට නැති අතර වරාය අධිකාරිය සතුව ද එපමණ මුදලක් නැති බව කියති.
මෙම මුදලින් විශාල කොටසක් විදේශ විනිමය ලෙස වියදම් කළ යුතුව ඇත.
