ජනවාරි 18 දා ශ්‍රී ලංකාවට තීරණාත්මකයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ඇරඹෙන ජනවාරි 18 දා ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයක් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරයක් ගෙවීමට ඇත්තේ එදිනට බවත්, එය ගෙවීම පැහැර හැරියහොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක තත්ත්වයට පත්වෙන බවත්, විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ ය.

එම ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල් සොයා ගැනීම ගැටළුවක් වී ඇති බව ද ඒ මහතා කියයි.

ඒ අතර, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රමුඛ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය මෙරටට දී තිබු ණය ශ්‍රේණිය පහත හෙළා ලංකාව බංකොලොත් වෙමින් පවතින බවට පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව  රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.

රට බංකොලොත්වීමේ ප්‍රතිඵල පෙන්වා දෙමින් මේ වන විටත්  රටෙි කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *