පොලිසියේ තවත් මිනීමැරුමක් ; ටින්කර් ලසන්ත වෙඩිතබා මරා දමයි.

පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය විසින් වෙඩි තබා මර දමා ඇත.
ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි.
පොලිසිය කියන්නේ ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි සැකකරු එම පිස්තෝලයෙන් පොලිසියට වෙඩි තැබූ බව සහ ප්‍රති පහරයෙන් සැකකරු මිය ගිය බවයි .
කළුතර කොට්ඨාස අපරාධ අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් අත් අඩංගුවේ සිටින සැකකරුවන් රැගෙන ගොස් මෙසේ මර දැමීම ගැන ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර වශයෙන් ද චෝදනා එල්ල වී ඇතත්, එම ආකාරයේ ම ඝාතන දිගට ම සිදු කරමින් පවතියි.
