අදත් කොවිඩ් මරණ 19 ක් ; නව ආසාදිතයින් 715 ක්

රජය අද දිනයේ නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 19 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,927 ක් ලෙස සටහන් වෙයි.
අද දිනය තුළ හඳුනාගත් බවට වාර්තා වන නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 715 ක් වෙයි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 548,061 ක් වශයෙනි.
