“පස්ස රිදෙන්න” ගහන්න ක්‍රමයක් – සී ජේ අමරතුංග

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ පහක් පසුගිය දා පැවැත් වූ මහජන මන්ත්‍රණ සභා සමුළුවේ දී රජයට කළ විවේචන විපක්ෂයට ද වඩා දරුණු යයි කිව හැකි ය. එය ආණ්ඩුවක් තුළ සිටින, ඇමතිකම් දරන පිරිසක් නොකරන තරම් දරුණු විවේචනයකි.

උදය ගම්මන්පිල ඇමතිවරයා කීවේ තමන් විසින් පට්ට හොරුන් යයි කියමින් විවේචනය කළ සියලු ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව හොරකම් කරන බව යි , දුෂිත බව යි. එනම් ඉතිහාසයේ දුෂිත ම ආණ්ඩුව මෙය බව යි.

එහි අනෙක් කථිකයින් ද දරුණු ලෙස රජය විවේචනය කළ ද, වඩාත් අවධානයට ලක් වූ අනෙක් කතාව විමල් වීරවංශ ඇමතිවරයාගේ කතාව යි. මේ ආණ්ඩුව මෙහෙයවන ඇතැමුන් ජනවරමට පස්ස හරවා ඇති බව කී ඒ මහතා කීවේ එසේ ජනවරමට පස්ස හැරවූ අයට පස්ස රිදෙන්නට පහර දිය යුතු බව යි.

එසේ පස්ස රිදෙන්නට පහර දිය යුත්තේ කාටදැයි විමල් වීරවංශ ඇමතිවරයා කීවේ නැතත් බොහෝ නිරීක්ෂකයින් කීවේ ඒ පහර දෙන බව කීවේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පස්සට බව යි. විමල් වීරවංශ කණ්ඩායම සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන විරසකය බොහෝ දෙනා දන්නා කාරණයකි. ද්විත්ව පුරවැසියන්ට එරෙහි විමල් පිළේ නොනවතින ප්‍රහාරයේ ඉලක්කය බැසිල් රාජපක්ෂ මහතා මිස වෙනත් කිසිවකු නොවේ.

විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර , දයාසිරි ජයසේකර ආදීන් නායකත්වය දෙන ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම මෙලෙස ආණ්ඩුවට විවේචන එල්ල කිරීම ගැන විවිධ මත පළ වී තිබිණි. සමහරු ප්‍රශ්න කළේ ආණ්ඩුව  ඔය තරම් නරක නම් තවත් ඒ තුළ සිටින්නේ ඇයි කියා ය. තවත් සමහරු කීවේ මෙය රටේ වර්ධනය වන ආණ්ඩු විරෝධය ආණ්ඩුව තුළ ම රඳවා ගැනීමේ නාටකයක් බව යි.

ඒ අතර මේ කැරලි කරුවන් ම කීවේ තමන්ගේ සටන ආණ්ඩුව පෙරළීමට නොව ආණ්ඩුව රැක ගැනීමට බව යි. එබැවින් මෙම කැරැල්ලට විශාල ජන සහයක් ද පළවන බවක් පෙනෙන්නට නැත.

මෙරට සාමාන්‍ය ජනතාවට අනුව රට අද ඇද දමා ඇති විපතට විමල්, ගම්මන්පිල, වාසු , මෛත්‍රීපාල ආදී සියලු දෙනා වගකිව යුත්තෝ ය.

කෙසේ වෙතත්, මෙය හුදෙක් දේශපාලන නාටකයකට වැඩි දෙයක් බව වෙනත් දේශපාලන ප්‍රකාශ සහ සිදුවීම් මගින් පෙන්නුම් කරයි. තමන්ට ආණ්ඩුවෙන් එලියට බසින්නට සිදුවනු ඇතැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා පැවසී ය. මහාචාර්ය තිස්ස විතාරණ කීවේ ද එබඳු ම කතාවකි.

සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් මෑතක කළ දැඩි විවේචන තේරුම් ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේ සිග්නල් කණු වීමට තමන් සුදානම් නැති බව යි. අනුර ප්‍රියදර්ශන කීවේ මේ ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැති බව යි. විකල්පයක් බිහිවනු ඇති බව ඒ මහතා කීවේය.

ඒ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ගෞරවනීය නායකයකු වූ ඩිව් ගුණසේකර මහතා ද ආන්දෝලනාත්මක කතාවක් කළේ ය. ඔහු කීවේ නිදහසින් පසු බිහි වූ ඔල මොට්ටල ම ආණ්ඩුව මෙය බව යි. ගන්නා බොහෝ තීරණ තකතීරු තීරණ බව ඒ මහතා කී ය.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කළේ රජයට ම එල්ල කළ විවේචනයකි. කුඩා පක්ෂ තමන්ගේ කිහිලි කරු නොවන බව කී අගමැතිතුමා කීවේ පක්ෂ අතර සමගිය රැකීම ප්‍රධාන පක්ෂයේ වගකීම බව යි. රජය දේශපාලනය නොකළ බව සහ ජනතාවගෙන් ඈත් වී ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

අගමැතිතුමා මෙහි දී කළේ තමන් සිටින්නේ කුමන පැත්තේ ද කියා ඉඟියක් දීම විය හැකි ය. එය ආණ්ඩුව තුළ අගමැතිතුමාට හිතවත් පිරිසට දුන් ඉඟියකි. තමන් හිට ගත යුත්තේ කුමන පාර්ශවය සමග දැයි තීරණය කිරීමට එබඳු පිරිස්වලට දැන් වඩා පහසු ය.

මේ අතර ආණ්ඩුවේ හිතුවක්කාර ක්‍රියා සහ අසාර්ථක වැඩ නිසා නැගෙන ජනතා විරෝධය ද දැන් තිබෙන්නේ උච්ච අවස්ථාවක ය. පොහොර ප්‍රශ්නය නිසා ගොවි ජනයා ඉන්නේ කෝපයෙනි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ගමට යන්නට බැරි ය. උත්සවවලට යන ඇමතිවරුන්ට ජනතා විරෝධය හමුවේ ආපසු යන්නට සිදුවෙයි. තවත් තැනක දේශපාලකයකුට පහර දී ඇත්තේ ඔහුගේ ම ආධාර කරුවෙකි. බොහෝ ඇමතිවරුන් කියන්නේ ගමට යන්නට බැරි බව යි.

මේ සියල්ල මගින් මග පාදන්නේ මහජන කැරැල්ලකට ය. ඒ සඳහා මේ වන විටත් තිබෙන එක ම ප්‍රශ්නය මහජනයාට පිළිගත හැකි විකල්ප නායකත්වයක් නොමැති වීම පමණකි.

ආණ්ඩුව තුළ කැරලිකරුවන්ට ද මෙය වාසිදායක තත්ත්වයකි. මහජන කැරැල්ලකට පෙර ඔවුන් ඉක්මන් විය යුතුව ඇත. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන්ට කළ හැක්කේ කුමක් ද යන්නයි. විමල් වීරවංශ ඇමතිවරයාගේ වචනවලින් කිවහොත් උපාය මාර්ග තෝරා ගැනීම යි.

ආණ්ඩුවෙන් නිකම්ම ඉවත් වී දේශපාලන වශයෙන් අනාථ වන්නට ඔවුනට බැරි ය. එය බැසිල් රාජපක්ෂ පිලේ වුවමනාවයි. මොවුන් ආණ්ඩුව විවේචනය කරන්නේ ඇමති වරප්‍රසාද විඳිමින් බවට බැසිල් පිලේ ප්‍රබලයින් චෝදනා නගන්නේ ඒ ටික කර ගන්නට ය. එනම් මේ කණ්ඩායම නිකම් ම දොට්ට දමන්නට ය. ඉන් පසු ආණ්ඩුව කරගෙන යන්නට ය.

අනෙක් අතට ආණ්ඩුව බිඳ දමා විපක්ෂයට බලය දෙන්නට ද මෙම පිරිස සුදානම් නොවනු ඇත. විපක්ෂයට එලෙස බලයක් ගැනීමේ හැකියාවක් ද දැනට නැත.

එසේ නම් ආණ්ඩුවේ කැරලි කරුවන්ට කළ හැකි දෙයක් නැති ද ? ඔවු මේ දඟලන්නේ , උඩ පනින්නේ බොරුවට ද?

නැත. එසේ විය නොහැකි ය. ඔවුන් කුමන ක්‍රියා මාර්ගයක් තෝරා ගනීදැයි කිව නොහැකි වුවත්, ඔවුන්ට පැහැදිලි මාවතක් ඇති බව ද පෙනෙන්නට තිබේ.

ඔවුන්ට මේ මොහොතේ සාර්ථක කැරැල්ලක් මෙහෙය විය හැකි එක් ක්‍රමයක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉවත් කිරීමේ සටන් පාටය ඉදිරියට ගැනීම යි. ඇතැම් විට ඒ සඳහා තාවකාලිකව ආණ්ඩුවෙන් ඉවත්වීමට හා ආණ්ඩුව අස්ථාවර කිරීමට ද සිදුවිය හැකි ය. ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය අහෝසි වන තරම් පිරිසක් එලියට පැමිණීම සහ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාව ඒ සමග ඉදිරිපත් කිරීම මගින් මෙම සැලසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි ය. ඇතැම් විට ඊට වෙනස් උපායක් මගින් වුව ද මෙම සටන් පාටය ඉදිරියට ගැනීමේ හැකියාව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව එදා තිබු සහයෝගයේ ප්‍රධාන පදනම වුයේ රට හදන්නට අවශ්‍ය බලය ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට ලබා දීම ය. එසේ වුව ද, වසරක් තුළ එම බලය මගින් ගොටාභය ජනාධිපතිතුමා කර ඇති විනාශය නිසා අද සටන් පාටය විය යුත්තේ ගොටාභය ජනාධිපතිගෙන් රට බෙරා  ගැනීමට 20 වැනි සංශෝධනය අහෝසි කිරීම යි. මේ මොහොතේ එයට මහජන සහය පමණක් නොව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ද ලබා ගැනීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවනු ඇත.

20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂයට එයට විරුද්ධ වීමට හේතුවක් නැත. විපක්ෂයට ඡන්ද 75 ක් පමණ ඇත. ආණ්ඩුව පැත්තෙන් අවශ්‍ය වන්නේ ඡන්ද 75 කි . පක්ෂ 11 ට ඍජුව ඡන්ද 32 ක් ඇති බව සහ කලකිරුණු අනෙක් පිරිස ගැන සලකන විට 150 ක තුනෙන් දෙකේ බහුතරය ලබාගැනීම අපහසු ඉලක්කයක් නොවේ.

20 වැනි සංශෝධනය අහෝසි කළහොත් සිදුවන්නේ ජනාධිපතිගෙන් බලය අගමැතිට මාරු වීම යි. එබැවින් ආණ්ඩු පක්ෂයේ බහුතරයකට වුව ද එයට සහය දීම එතරම් දුෂ්කර කටයුත්තක් වන්නේ නැත.

මෙය එක අතෙකින් රාජපක්ෂ පාලනය රැක ගැනීමකි. එසේ වුව ද එම රාජපක්ෂ පාලනය පවතින්නේ අත්තනෝමතික ජනාධිපති බලය නොමැතිව ය. එමෙන් ම ස්වාධින කොමිසන් සභා, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම යලි ක්‍රියාත්මක වනු ඇත. එමගින් හොරකම් දුෂණ ආදිය ද යම් තරමකට පාලනය කළ හැකි වනු ඇත.

මෙයින් එක අතෙකට සිදුවන්නේ රාජපක්ෂ පවුල තුළ බල අරගලය මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට තීන්දු වීම යි. ගොටාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ දෙදෙනා ම අනාගත දේශපාලන සිතියමෙන් අතුගා  දැමීමට එමගින් හැකියාව ලැබෙයි. නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත වීම ද එහි ප්‍රතිඵලයක් විය හැකි ය.

මෙහි බරපතළ ම ප්‍රහාරය එල්ල වන්නේ බැසිල් රාජපක්ෂ මහතාට ය . 20 වැනි සංශෝධනය අහෝසි වී 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ද්විත්ව පුරවැසි බැසිල්ගේ ඇමතිධුරයත්, මන්ත්‍රී ධුරයත් දෙක ම අහිමි විය හැකි ය. ඔහුට සිදුවනු ඇත්තේ, නිකමෙකු ලෙස ඇමෙරිකාව බලා යන්නට ය. ඇතැම් විට විමල් වීරවංශ මහතා කී පස්ස රිදෙන්නට ගහන පහර මෙය විය හැකි ය.

මේ සියල්ල හිතළු ලෙස කෙනෙකුට පෙනී යා හැකි ය. එමෙන් ම නිතර වෙනස්වන දේශපාලනයක් තුළ මෙය මෙසේ ම සිදුවනු ඇතැයි ද කිව නොහැකි ය. කෙසේ වෙතත්, මේ මොහොතේ අපට පෙනෙන දේශපාලන භූ දර්ශනය මෙබඳු ය.

සී ජේ අමරතුංග

අනිද්දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *