ශ්රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ – ඇමති බන්දුල ගුණවර්ධන

ශ්රී ලංකාව බංකොලොත් ලබන තත්ත්වයට පත්ව ඇති බවත් , 2029 වසර වන තෙක් ගැලවීමක් නැති බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කරයි.
එම තත්ත්වයෙන් බේරීමට නම් කෙසේ හෝ විදේශ ආයෝජන ලබාගත යුතු බවත්, නැතහොත් වත්කම් විකිණිය යුතු බවත්, විකුණන්නට ද වත්කම් අප සතුව නැති බවත්, ඇමතිවරයා වැඩි දුරටත් ප්රකාශ කොට ඇත.
දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් ඇමතිවරයා වැඩි දුරටත් කීවේ බඩු මිල පාලනයට ද රජයට ස්ථිර ප්රතිපත්තියක් නොතිබූ බව යි.
