ගව ඝාතනය තහනම් කොට කිරි ගොවිතැන මරා දැමීම – ජයවීර සෙනෙවිරත්න

ගොවීන්ට, ගුරුවරුන්ට සහ වෙනත් ප්‍රජාවන්ට සලකන ආකාරය අනුව ආණ්ඩුව ජනතාවට කොතරම් ආදරේ ද කියා ප්‍රශ්න පැන නැගිය හැකි ය. ඒ කෙසේ වෙතත්, ආණ්ඩුව හරකුන්ට ඉතා ම ආදරේ බව පෙනෙන්නට තිබේ. කොතරම් ආදරේ ද කිව්වොත් ගව ඝාතනය නතර කරන්නට ද නීති සුදානම් කොට අවසන්ය . ශත වර්ෂයකට වැඩි කලක් තිබු නීති ඇතුළු පනත් පහක් සංශෝධනය කරන්නට ද තීරණය කොට තිබේ. ඒ සියල්ලෙන් පෙනෙන්නේ හරකුන්ට තිබෙන ආදරය යැයි කෙනෙකු කිව හැකි ය.

ආණ්ඩුව පව් පිං සලකා තීරණ ගන්නේ නම්, හරුන්ට තිබෙන ආදරය එළුවන්ට, උරන්ට, කුකුළන්ට සහ මාළුන්ට ද තිබිය යුතු ය. කෘෂි කර්මාන්තයේ කෘමි නාශක යොදා කරන්නේ ද සතුන් මැරීමකි. පාපය පටන් ගන්නේ කොතනින් ද අවසන් වන්නේ කොතනින් ද යන්න තෝරාගැනීම ප්‍රශ්නයකි. ආණ්ඩුවට අනුව නම් පව් සිදුවන්නේ ගව ඝාතනයෙන් පමණකි. මානව හිමිකම් මෙන් සත්ව හිමිකම් නීතියක් තිබුණා නම් තමන්ට අසමාන ලෙස සැලකීම ගැන ඌරන් උසාවි යනවා සිකුරු ය.

ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයෙන් කියා තිබුණේ මෙරට කිරි ගොවිතැන නැංවීමට ගව ඝාතනය තහනම් කරන බව කි. එසේ වුවත්, එය සිදුවන ආකාරයක් ඉන් පැහැදිලි නැත. ගව පට්ටියක වැඩිපුර සිටින පිරිමි සතුන් සහ වයසට යන ගැහැණු සතුන් මැරෙන තෙක් රැක බලා ගැනීමෙන් කිරි නිෂ්පාදනය වැඩි වෙන  ආකාරය සිතා ගැනීමට පවා අපහසු ය.

මෙරට කිරි ගොවියාගේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකකි. එකක් කිරි නිෂ්පාදනය කොට විකිණීම යි. දෙවැන්න පට්ටියේ වැඩියෙන් සිටින ගොනුන් සහ වයසට යන සතුන් විකුණා ලබාගන්නා ආදායම යි. ඒ ඔවුන්ගේ ජීවත්වීම සඳහා ය.

ධීවරයා ජීවත්වීම සඳහා මසුන් මැරීමේ යෙදීම පාපයක් ලෙස අපට නොපෙනේ. ඒ ඔවුන් එය කරන්නේ ජීවත් වීමට නිසා ය. කිරි ගොවියා තම ගවයින් මරන්නේ ද නැත. ඔවුන් කරන්නේ වෙනත් කෙනෙකුට සතුන් භාර දී වගකීමෙන් නිදහස් වීම යි. ඇතැම් විට එය කරන්නේ ද සිතකින් නොවන්නට පුළුවන. එසේ වුව ද, ජීවන අරගලයේ හැටි එහෙම ය.

ධීවරයා ජීවත්වීම සඳහා මසුන් මැරීමේ යෙදීම පාපයක් ලෙස අපට නොපෙනේ. ඒ ඔවුන් එය කරන්නේ ජීවත් වීමට නිසා ය. කිරි ගොවියා තම ගවයින් මරන්නේ ද නැත. ඔවුන් කරන්නේ වෙනත් කෙනෙකුට සතුන් භාර දී වගකීමෙන් නිදහස් වීම යි. ඇතැම් විට එය කරන්නේ ද සිතකින් නොවන්නට පුළුවන. එසේ වුව ද, ජීවන අරගලයේ හැටි එහෙම ය.

ආණ්ඩුව ගව ඝාතනය තහනම් කළ විට කිරි ගොවියාගේ දෙවන ආදායම් මාර්ගය අහිමි වෙයි. එනම්, වැඩිහිටි හරකුන් විකුණා ලබාගන්නා ආදායම තව දුරටත් ලැබෙන්නේ නැත. ඊට අමතරව ඔවුන්ට විශාල බරක් පැටවෙයි. එනම්, මිය යනතෙක් හරකුන් රැක බලා ගැනීමේ වගකීම යි. උන්ට කන්න බොන්න දී රැක ගැනීම විශාල වියදමකි. බරකි.

මෙහි ප්‍රධාන ප්‍රතිඵලය වන්නේ කිරි ගොවීන් එම ගොවිතැන අතහැර දැමීම යි. ගව ඝාතන තහනමෙන් කිරි ගොවිතැන මරා දමන්නේ ඒ ආකාරයෙනි. සාමාන්‍ය ගොවියා පමණක් නොව විශාල සමාගම් ද, මෙම අර්බුදයට මුහුණ දෙනු ඇත.

ඊට අමතරව පැහැදිලිව ම සිදුවිය හැකි දෙයක් නම් මෙරටට අවශ්‍ය හරක් මස් රටින් ගෙන්වීමට සිදුවීම යි. දැනටමත් ඒ සඳහා රජයට සම්බන්ධ ව්‍යාපාරිකයින් සැලසුම් සකස් කරගෙන සිටින බවට ද ආරංචි ඇත. කෙසේ වෙතත්, කෙල වෙන්නේ රටට ය. පිටරටින් කිරි ආනයනය වැඩි කරනවාට අමතරව මස් ගෙන්වීමට ද විදේශ විනිමය යෙදවීමට සිදුවීම නිසා ය.

පව් , පින් ගැන කතාකරන උදවියට මතක් කර දිය යුත්තේ දහමින් මිස නීතියෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ මිනිසුන් පවින් ගැලවීම බුදුන් වහන්සේ අනු දැන වදාළ ක්‍රියාවක් නොවන බව යි. ජේතවනාරාමය අසල ම, සත්ව ඝාතනය කළ චුන්ද ශුකර ගේ පාපය නවත්තන්නට බුදුන් වහන්සේ කොසොල් රජුට අනුසාසන කළේ නැත.

ගව ඝාතනය නවත්තන්නට හඬ නගන බොහෝ දෙනා එසේ කරන්නේ ගවයින්ට ඇති ආදරය හෝ විශේෂ නෑකමක් හෝ නිසා නොවන බව පැහැදිලි කාරණයකි. මෙහි ඇත්ත අරමුණ නම් මුස්ලින්වරුන්ගේ මස් කඩ ටික වසා දමා ඔවුන්ට ආර්ථික පහරක් එල්ල කිරීම බව හොඳින් ම පෙනෙන්නට තබේ. මෙය, වඳ පෙති, වඳ කොත්තු, වඳ ටොෆි , වඳ සැත්කම් ආදී වශයෙන් පසුගිය කාලය පුරා දිග්ගැසුණු ව්‍යාපාරයේ ම දිගුවකි. පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල මස් කඩ වසන්නට මැර කම් කළේ ද මෙම කණ්ඩායම යි.

ගව ඝාතනය නවත්තන්නට හඬ නගන බොහෝ දෙනා එසේ කරන්නේ ගවයින්ට ඇති ආදරය හෝ විශේෂ නෑකමක් හෝ නිසා නොවන බව පැහැදිලි කාරණයකි. මෙහි ඇත්ත අරමුණ නම් මුස්ලින්වරුන්ගේ මස් කඩ ටික වසා දමා ඔවුන්ට ආර්ථික පහරක් එල්ල කිරීම බව හොඳින් ම පෙනෙන්නට තබේ. මෙය, වඳ පෙති, වඳ කොත්තු, වඳ ටොෆි , වඳ සැත්කම් ආදී වශයෙන් පසුගිය කාලය පුරා දිග්ගැසුණු ව්‍යාපාරයේ ම දිගුවකි. පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල මස් කඩ වසන්නට මැර කම් කළේ ද මෙම කණ්ඩායම යි.

දැන් ඔවුන් කරන්නට යන්නේ මුස්ලිම් කාරයින්ට කෙළවන්නට ගොස් කිරි ගොවිතැන නැත්තට නැති කර දැමීම යි. ලක්ෂ ගණනක් ජනයාට ආදායම් අහිමි කිරීමයි. රටේ ආර්ථික අර්බුදය තව උත්සන්න කොට සාගතයකට රට තල්ලු කිරීම යි.

ගව ඝාතනය තහනම් කිරීමෙන් මොවුන්ට හිමිවන පිනක් නම් නැත. එයට හේතුව මොවුන්ගේ ඇත්ත අරමුණ ගවයන්  මරණයෙන් බේරීම නොව මුස්ලිම්වරුන් ඝාතනය කිරීම නිසා ය. බුදුන් වහන්සේ දේශනා කළේ “ චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමී “ වශයෙනි. චේතනාව ම කර්මය වන්නේ ය. මුස්ලිම්වරුන් නසන්නට ගව ඝාතනය තහනම් කරන්නට යන උදවිය තම චේතනාව අනුව කරගන්නේ ප්‍රාණ ඝාත අකුසලයකි.

ගව ඝාතන තහනම ගැන එක් විචාරකයකු කියා තිබුණේ මෙය ආණ්ඩුව කරන මෝඩ ම වැඩේ නොවන බව යි. මෝඩ ම වැඩේ මේ වන විට සිදුකොට හමාර ය. එනම්, කාබනික ගොවිතැන් කිරීමේ මෝඩ කම යි. ගව ඝාතන තහනම් මෝඩ කම දෙවැනි වන්නේ එම මෝඩ කමට පමණකි. එසේ වන්නේ ද , ආණ්ඩුව මීටත් වඩා මෝඩ කම් ඉදිරියේ දී නොකළහොත් පමණකි. මේ යන විදියට ඒ ගැන ද විශ්වාසයක් නැත.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *