මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ දේශපාලන විචාරකයකු වූ වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කලක් අසනීපව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදේ අභාවප්‍රාප්ත වී ය.
දිගු කලක් දෙසතිය සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ලංකාදීප ඇතුලි ප්‍රධාන පුත්පත්වලට නිතිපතා දේශපාලන විචාර ලිපි සම්පාදනයේ ද නිරතව සිටියේ ය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කළ රාමනායක මහතා මාධ්‍යවේදී සංවිධාන ගණනාවක ද ක්‍රියාකාරීව සිටියෙකි.
ඒ මහතාගේ දේහය අද උදේ ජයරත්න මල් ශාලාව වෙත රැගෙන ඒමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග කියයි. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
