අගමැති නියෝග කළාට වරායේ කන්ටේනර් නිදහස් නොවේ ! ඩොලර් නැතිව බෑ !!

වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වහා ම නිදහස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට පසුගිය සතියේ නියෝග කළ ද, එලෙස අදාළ කන්ටේනර් නිදහස් කොට නැති බව වාර්තා වෙයි. එසේ කිරීමේ නීතිමය හැකියාවක් නැති බව බලධාරීන් පෙන්වා දී ඇති බව ද කියති.

පවතින ජාත්‍යන්තර බැඳීම් අනුව මෙම කන්ටේනර් නිදහස් කරගත හැකි වන්නේ අදාළ සැපයුම්කරුවන් වෙත ගෙවීම් කිරීමෙන් පසුව ය.

මේ නිසා අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 800 කට වැඩි ප්‍රමාණයක් තවමත් වරායේ සිර වී ඇත. කිරිපිටි ටොන් 360 ක් සහ වෙනත් අත්‍යවශ්‍ය ආහාර රැසක් ඒ අතර වන බව කියති.

ශ්‍රී ලංකා ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශකොට ඇත්තේ මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 15 ක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බව යි. එම මුදල ලබා දීමට බැංකුවල ඩොලර් නැති බවත්, මහ බැංකුව ද මුදල් දී නැති බවත්, ආනයනකරුවෝ කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *