අද කොවිඩ් මරණ 72 යි ; නව ආසාදිතයින් 1368 යි ; රට ක්‍රමානුකුලව විවෘත කරන්නැයි බලධාරීහු කියති

අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 72 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448 ක් ලෙස සටහන් වෙයි.

අද අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,368 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 510,040 ක් වශයෙනි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද ප්‍රකාශ කළේ රට එකවර විවෘත නොකර ක්‍රම ක්‍රමයෙන් විවෘත කරන ලෙස රජයෙන් ඉල්ලා සිලින බව යි.

එවිට කොවිඩ් රෝගය යලි වර්ධනය වීමේ අවධානමක් වෙතොත් හඳුනාගෙන අවශ්‍ය පියවර ගත හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.

සොඛ්‍ය අංශ කියන්නේ වත්මන් කොවිඩ් රැල්ලේ උපරිමය මේ වනවිට පසුකොට රට තර්ජනයෙන් මිදෙමින් පවතින බවයි. කෙසේ වෙතත් නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බවත්, එය වළකාගැනීම ඊළඟ ඉලක්කය විය යුතු බවත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *