සමස්ත කොවිඩ් මරණ 12,000 පන්නයි ; දිනෙක මරණ 84 ට බසී

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 84 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා ගිය අතර අද එය සටහන් වුයේ 12,022 ක් වශයෙනි.

අද දිනය තුළ මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස වාර්තා කොට ඇත්තේ 1,983 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 502,755 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *