දිනෙක කොවිඩ් මරණ 200 ඉක්මවයි ; සමස්ත මරණ 8000 ඉක්මවයි ; අද නව ආසාදිතයින් 4602 යි

දිනෙක නිල කොවිඩ් මරණ වාර්තාව අද 200 සීමාව ඉක්මවා ගිය අතර සමස්ත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්ම වී ය.
රජය අද නිල වශයෙන් ප්‍රකාශ කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 කි. එය මෙතෙක් එක දිනෙක වැඩි ම සංඛ්‍යාව යි.
ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගියේ ය.
නිල වාර්තා අනුව අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,602 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය ද දිනක වාර්තා කළ වැඩි ම සංඛ්‍යාවයි.
ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 412,370 ක් ලෙස වාර්තා වී තිබේ.
