සෞඛ්‍ය අමාත්‍යංශයේ දක්ෂ නිලධාරීන් ඉවත් කිරීමෙන් ආණ්ඩුව කොවිඩ් වසංගතයට රට බිලි දුන්නා – එජාප සභාපති වජිර අබේවර්ධන

සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි දක්ෂ පළපුරුදු නිලධාරීන් ඉවත් කරමින් හා මාරු කරමින් ආණ්ඩුව කොවිඩ් වසංගතයට ජනතාව බිලි දුන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර , අමල් හර්ෂ ද සිල්වා, පබා පලිහවඩන, සුදත් සමරවීර, මහාචාර්ය අසිත ද සිල්වා වැනි දක්ෂ පළපුරුදු නිලධාරීන්ගේ සේවය අහිමි කර ගැනීමට ආණ්ඩුවේ ක්‍රියා මාර්ග හේතු වූ බව ඒ මහත් කී ය .
පිටකෝට්ටේ සිරිකොත එජාප මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මෙසේ ද කී ය.
“සෞඛ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු දක්ෂ නිලධාරින් මාරු කර යැව්වා, කෝවිඩ් පාලනයට ගමේ කමිටුවක් හැදුවේ නැහැ , විෂබීජහරණය නැහැ , ජාතික ප්‍රතිපත්තියක් සකසා නැහැ , සියලු මාධ්‍ය සංදර්ශන අවසන්, මුළු රටම භයානක තත්වයක.
වර්තමානයේ රට පත්වෙලා තිබෙන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළා. අපි පක්ෂයක් හැටියට දිගින් දිගටම මේ කරුණු ඉදිරිපත් කළා. ඒවාට ඇහුම්කන් නොදී ක්‍රියා කළ නිසා අද මහජන ජීවිත විශාල වශයෙන් බිලි ගන්නා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. පළමුවෙන්ම අවබෝධ කරගත යුතුයි සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ කුමක්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යංශය වෙන අමාත්‍යංශ වගේ හසුරුවන්න බැහැ. පළපුරුදු දක්ෂ නිලධාරින්, කාලයක් තිස්සේ වැඩ කරන අය, ඒ ඒ ආයතන පිළිබඳ, ඒ ඒ ප්‍රදේශ පිළිබඳ අත්දැකීම ඉතා වැදගත්. අමාත්‍යංශයේ හිටපු ජේෂ්ඨම පළපුරුදු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා රෝග නිවාරණ අංශයේ හොඳ පළපුරුද්දක් තිබුණු අයෙක්. ඔහුව ගවයින් බලාගන්න අමාත්‍යංශයකට යොමු කළා. විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් මේ ආකාරයට මාරු කළා. අනිල් ජාසිංහ මහත්මයා, ජයවරුවන් බණ්ඩාර මහත්මයා, විශේෂයෙන් මුලදිම PCR වලට හොඳ පළපුරුද්දක් සහ දැනුමකින් වැඩ කළ අය. පබා පළිහවඩන මහත්මිය ලංකාවේ හිටපු හොඳ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ඇයට හිරිහැර කළා. එතුමිය ලෝක සෞඛ්‍ය සංවිධානයට ගත්තා.
සුදත් අමරවීර විශේෂඥයා ඉතා හොඳ වැඩ කොටසක් කරමින් හිටියා. ඔහුට වසංගත රෝග පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. එතුමා එතනින් වෙන තැනකට දැමුවා. ඖෂධ නියාමන අධිකාරිය අවශ්‍ය පරිදි අනුමැතියන් ලබා ගැනීමට නොහැකි නිසා මහාචාර්ය අසිත ද සිල්වා මහත්මයා ඉල්ලා අස් වුනා. පාලිත අබේකෝන් මහත්මයා අයින් කළා. කෝවිඩ් මර්ධන ඒකකය දැන් පුලුවන් කොහේහරි තුන් මං හන්දියක පවත්වන්න. ඒ තරම් පළපුරුදු දක්ෂ විශාල පිරිසක් එළියට දැම්මා. පළාත් වලත් දේශපාලඥයන් මේ දේම සිද්ධ කළා. පළාත් වල ඒ පළාත් පිළිබඳ දැනුම පළපුරුද්ද තිබෙන අය මාරු කරලා යවලා කනිෂ්ඨ නිලධාරින් මේ තැන්වලට පත් කරලා මුළු සෞඛ්‍ය අමාත්‍යංශයේම මේ මාස කිහිපය තුළ විශාල අවුලක් නිර්මාණය කළා.”
