වී මිල පහත දමා ආණ්ඩුව මගහරී ! කිලෝව රුපියල් හතලිහට දෙන්න වෙලා !!

යල කන්නයේ අස්වනු නෙලන මේ අවස්ථාව වන විට වී මිල සහ සහල් මිල තදින් පාලනය කරන බව කියා රජය ප්‍රකාශ කළ මිලට වත් වී ගැනීමට ඉදිරිපත් නොවීම නිසා වී කිලෝව රුපියල් හතළිහකට තරම් අඩු මිලකට පෞද්ගලික වෙළෙඳුන්ට විකීනීමට තමන්ට සිදුව ඇති බව රජරට ගොවියෝ කියති.
රජය සහතික මිලට වී ගන්න බව කීව ද , බොහෝ ස්ථානවල වී මිල දී ගැනීමක් සිදු නොවන බව කියති.
පොහොර සහ කෘෂි රසායන නොයෙදීම නිසා අස්වැන්න අඩු වී ඇති බවට ද ගොවීහු මැසිවිලි නගති. මෙනිසා වී තත්ත්වයෙන් ද බාල වී තිබීම වී මිලට ද තදින් ම බල පා ඇත.
අන්ත අසරණ වී ඇති නිසා මුදලින් කීයක් හෝ අතට ලබා ගැනීමට මෙම අඩු මිලට හෝ වී විකිණීමට සිදු වී ඇති බව ගොවීහු ප්‍රකාශ කරති.
රජයේ වී ගබඩා වසා ඇති අතර වී මිල දී ගැනීමක් සිදු නොවන බව ද වාර්තා වෙයි.
