විමල්ගේ අමාත්‍යංශයේ ලේකම් ධුරයට ජනාධිපතිගේ හමුදා නිලධාරියෙක් !

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ හිතවත් හමුදා නිලධාරියකු වන මෙතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සභාපති ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත.
එම පත්වීම සිදුකොට ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස මෙතෙක් කටයුතු කළ අනුෂ පැල්පිට මහතා අද හදිසියේ ම ඉල්ලා අස්වීමෙන් පසුව ය.
විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල මහතා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයකු වශයෙන් සේවය කර විශ‍්‍රාම ගිය නිලධාරියෙකි.
