සජබට ගිය නගර සභාපතිවරුන් තිදෙනෙකු නෙරපා දමයි ; බලය එජාපයට !

පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජනබලවේගයට සහය දෙමින් එජාපය හැර ගිය නගරාධිපතිවරුන් තිදෙනකු නෙරපා දමා එම සභාවල බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කොට ඇත.

මෙලෙස නෙරපා ඇත්තේ තංගල්ල, වැලිගම සහ නාවලපිටිය නගර සභාවල සභාපතිවරුන් ය.

එමෙන් ම නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් 72 ක් වෙනුවෙන් නව මන්ත්‍රීවරුන් පත් කිරීමට ද එජාපය කටයුතු කොට ඇත.

පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයට සහය දුන් තවත් දහස් ගණනක් දෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් පක්ෂයට යලි එක් වී සිටින බව ද එජාප ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *