සංචරණ සීමා 14 දා සිට ඉවත්කරන බව ශවේන්ද්‍ර කියයි

රට පුර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.
ඒ අනූව ලබන 14 වනදා අලුයම 4.00ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇත.
ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද යුද හමුදාපතිවරයා කියයි.
යුද හමුදාපතිවරයා මීට පෙර ප්‍රකාශ කොට තිබුණේ විශේෂඥ උපදෙස් ලැබෙන තෙක් රට විවෘත නොකරන බවයි.
