තාජුදීන් ඝාතන පරීක්ෂණ කල් යන්නේ බලපෑම් නිසා නොවේලු

රගර් ක්‍රීඩක z_p05-thajudeen-01-uවසීම් තාජුදීන් ඝාතකයන් අත් අඩංගුවට ගැනීම කල් යන්නේ පරීක්ෂණ වලට ඇති බලපෑම් නිසා නොවන බව තතු දත් ආරංචි මාර්ග කියයි .මෙම ඝාතනය කල උදවිය හා අනුබල දුන් අය හදුනාගෙන ඇතත් ඔවුන්ට එරෙහිව සාක්ෂි සපයාගැනීමට තව කල් අවශ්‍ය බව අපගේ ආරංචි මාර්ග කියයි .

කෙසේ වෙතත් පරීක්ෂණ යටගැසිමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි එස් එම වික්‍රමසිංහ මහතා වැඩබලන පොලිස්පති වීම මෙම පරීක්ෂණ වලට බාදාවක් වියහැකි බවත් වෙනත් ආරංචි මාර්ග වලින් ප්‍රකාශ විය .  අපගේ ආරංචි මාර්ග කියන්නේ කුමන බලපෑම් තිබුනද මෙම පරීක්ෂණය විධිමත් ලෙස ඉදිරියට යන බවයි .

සුදුසු අවස්ථාව එලබුනු විට ඝාතනයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සිදුවන බව අපගේ ආරංචි  මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *