ජී.එස්.පී සහන ඉල්ලූම්පත ශ්‍රී ලංකාව තවම ඉදිරිපත්කොට නෑ

ජී.එස්.පී. බදු සහනය ලබා ගැනීමෙ සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කළයුතු ඉල්ලූම් පත ශ‍්‍රී ලංකාව විසින් තවමත් ඉදිරිපත්  කර නොමැති බව යුරෝපා සංගමයේ  ජාත්‍යයන්තර සහයෝගතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිම්සා මහතා ප‍්‍රකාශකොට ඇත.
මේ වන විට ජී.එස්.පී. සහන ඉල්ලූම්පත නිල වශයෙන් බාරදිය යුතු වුවද එය තවමත් බාර දී නොමැත. එය නිල වශයෙන් බාරදීමෙන් පසුව වුවද ජී.එස්.පී සහනය ලබා දීමට තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට මාස 10 ක් 12 ක් පමණ කාලයක් ගත වෙන බවද යුරෝපා සංගමයේ  ජාතයන්තර සහයෝගතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිම්සා මහතා ප‍්‍රකාශකොට ඇත.
කෙසේ වෙතත් සහන ලබාදීම පිළිබඳව නිල වශයෙන් තීරණයකට පැමිණෙන තුරු අතුරු සහනයක් ලබාදීමට කටයුතු කරනු  ඇතැයි නෙවින් මිම්සා මහතා තවදුරටත් ප‍්‍රකාශකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *