අද තවත් කොවිඩ් මරණ දහයක් ; එකතුව 445 ක් වෙයි

අද (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි..

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද මරණ වාර්තා වී ඇත්තේ කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවලිනි.

මියගොස් ඇති දහදෙනා අතරින්  දෙදෙනෙකු  නිවෙස්වල ම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව සඳහන් වේ.

අද වාර්තා වූ මරණ අතරට කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් අයත් ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *