මහා බැංකුවේ නව නීති නිසා ඩොලර් බිලියනයක බැංකු සොරකම් එලියට !
මුදල් විශුද්ධිකරණයට එරෙහිව ශ්‍රී ලංකා මහා බැංකුව මෙරට ක්‍රියාත්මක බැංකුවලට දී තිබු උපදෙස් අනුව ක්‍රියාත්මක වීම නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදල් සොරකම් හෙළිවී ඇති බවත් තම මහා බැංකුවේ මුදල් සොරකම් කර ඇති බව බංගලා දේශය දැනගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකුවකට ලැබුණු ඩොලර් මිලියන 25ක ගනුදෙනුවක් අත් හිටුවීම නිසා බවත් තතු දත් ආරංචි මාර්ග හෙළිකරයි . බංග්ලාදේශ මහා බැංකුවෙන් සොරකම් කල මුදල් ඒවා ඇත්තේ ශාලික ඵවුන්ඩේසන් නම් ව්‍යාජ රාජ්‍ය නොවන සංවිධානයකටය . එහි නම foundation වෙනුවට fandation ලෙස සදහන් වීම නිසා මුල්ම සැකය ඇතිවී තිබේ . මෙරටට පිටරටින් එන මුදල් පිලිබදව ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව ශ්‍රී ලංකා මහා බැංකුව පසුගියදා නිකුත්කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් බැංකුවලට උපදෙස් දී තිබිණි . ඒ අනුව ක්‍රියා කල බැංකුව සක සහිත ගනුදෙනුව අත්හිටුවා අදාළ අංශ දැනුවත් කිරීමට ක්‍රියා කොට තිබේ . ඉන්පසුව කල විමර්ශනයේදී මුලදී හෙලිවුයේ බංග්ලාදේශ මහා බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් සොරකම් කොට ඇති බවයි . කෙසේ වෙතත් මෙලෙස සිදුකල තවත් සොරකම් රැසක තොරතුරු මේ වනවිට හෙළිදරවු වී ඇති අතර එලෙස සොර ගෙන ඇති මුදල ඩොලර් බිලියනයක් පමණ වන බව අලුත්ම වාර්තා කියයි .
මෙම සොරකම සිදුකොට ඇත්තේ තැන්පතුව පවත්වාගෙන ගිය ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු වී බව බංග්ලාදේශය චෝදනා කළද දැන් හෙළිවී ඇත්තේ බංග්ලාදේශ බැංකුවේ රහස් අංක හා සංකේත සොයාගෙන එම බැංකුව මගින් දෙන උපදෙස් මගින් මුදල් සොරකම් කොට ඇති බවයි . චීනයේ සිට ක්‍රියාත්මක වී ඇති පරිගණක හැකරුන් විසින් මෙය සිදුකොට ඇතයි කියති . බංගලාදේශයේ නිවාඩු දිනයක් වන සිකුරාදා දිනවල මෙම සොරකම් සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි .
මෙය දැන් ලෝකයේ බැංකු ක්ෂේත්රය කම්පනයට පත්කළ සිදුවීමක් වී ඇත .
