බෞද්ධ නටබුන් සොයා මුලතිව්හි කළ කැනීම්වලින් සිව ලිංගයක් සොයාගෙන

බෞද්ධ නටබුන් ඇතැයි සලකා මුලතිව්හි කුරුත්තු රු මලෙයි ප්‍රදේශයේ කළ කැණීම් වල දී සොයාගත හැකි වී ඇත්තේ ශිව ලිංගයක් බව වාර්තා වෙයි.

මෙලෙස හමුවී ඇත්තේ අෂ්ට තාරා ශිවලිංගයක් බව ඉතිහාසඥ ආචාර්ය එන්.කේ.එස්. තිරුච්චෙල්වම් මහතා පවසයි.

මේ අතර ආචාර්ය උදයශීලන් මහතා පවසන්නේ  අෂ්ට තාරා ශිවලිංගයක් බව තහවුරු වී ඇති එම ශිවලිංගය හා නටබුන් පල්ලව යුගයේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වලට සමාන බව යි.

මෙම ශීවලිංගයට සමාන ශිවලිංගයන් තමිල්නාඩුවේ කුම්බගෝනම්හි කූන්තූර් මුරුගන් කෝවිලේ දක්නට ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

කූන්තුර් කෝවිලේ නම කුරුන්තූරු මලෙයි ප්‍රදේශයේ නම් පවා සමානකමක් දක්වන බවද උදයශීලන් මහතා පෙන්වා දෙයි.

බෞද්ධ නටබුන් සොයා කුරුත්තුරු මලෙයිහි කැණීම් සිදුකිරීම මතභේදාත්මක තත්ත්වයකට ද හේතු වී තිබිණි.

මෙහි දාගැබක කොටස් සහ කොත් කැරැල්ලක් යයි සැලකිය හැකි කොටස් හමු වූ බව මුලින් වාර්තා වීය.

දැන් හඳුනාගනු ලැබ ඇත්තේ එම කොටස් ශිව ලිංගයක් බව යි.

කෙසේ වෙතත්, කැණීම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *