වෙළෙද ගිවිසුමකට තායිලන්තයේ කැමැත්ත ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නා – තායි නියෝජ්‍ය අගමැති කොලඹ දී කියයි
ශ්‍රී ලංකාව සමග වෙළෙද ගිවිසුමකට එක්වීමේ තම රටේ කැමැත්ත මෙරට රජයට දැනුම් දුන් බව තායිලන්ත නියෝජ්‍ය අගමැති ආචාර්ය සොම්කිඩ් ජටුශ්‍රිපිටක් මහතා ප්‍රකාශ කොට ඇත . මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන තායිලන්ත නියෝජ්‍ය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කලේ අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කොට තිබු ව්‍යාපාරික සමුළුවකට සහභාගී වෙමිනි . අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ තම රට බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත .
ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද ඉන්දියාව සමග වෙළද ගිවිසුමක් ඇති නිසා තම ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇති බව නියෝජ්‍ය අගමැතිවරයා පැවසු බව තායිලන්තයේ බර්නාමා පුවත් සේවය වාර්තා කොට තිබිණි . එරට සමාගම් සියයක් පමණ ඒ සදහා සුදානම් බවද එම වාර්තා වේ සදහන්ය .
තායිලන්ත නියෝජ්‍ය අගමැතිවරයා සමග 130 දෙනෙකුගෙන් සමන්විත වෙළෙද දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිති .
