ද්වීපාර්ශවික ගිවිසුම් එපා කියලා අපි කියන්නේ නෑ- විද්‍යාවේදී ගාමිණි නන්ද ගුණවර්ධන

ක්ෂේත්‍ර 60ක් පමණ සම්බන්ධ ඒකාබද්ධ වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරය, වෛද්‍යවරු කිහිප දෙනෙක් ඉදිරියට ගෙනයන දේශපාලන මුහුණුවරකින් යුතු ව්‍යාපාරයක් යන ගැටළුවක් තිබුණි. එහෙම කිසිම දෙයක් මෙතන නෑ. මේ ව්‍යාපාරය නිර්දේශපාලන ව්‍යාපාරයක්. වෛද්‍යවරුන් අප ගෙනගිය ව්‍යාපාරයට අනුගතවීම පමණයි වුනේ. ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ විද්‍යාවේ දී ගාමිණි නන්ද ගුණවර්ධන මහතා මේ අදහස් පල කළේ මාර්තු 10වෙනි දින සම්බුද්ධ ජයන්ති මැදුරේ පැවති සම්මන්ත්‍රණයක දී ය. ජාත්‍යාන්තර ගිවිසුම් අපිට කුමට ද? යන මැයෙන් ජාතික විද්වත් මණ්ඩලය සංවිධානය කරන ලද එම සම්මන්ත්‍රණය අමතා ගුණවර්ධන මහතා මෙසේ ද පැවසී ය. අපි කියන්නේ පැහැදිළිව ම, කරුණාකර ප්‍රතිගාමි බලවේගයක් ලෙස අප දෙස බලන්නට එපා. අපි කියන්නේ නෑ ලංකාවට ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් කරන්නට එපා කියලා. අපි කියන්නේ ලංකාව ද්වීපාර්ශවීය ගිවිසුම්වලට යනවා නම් අපි යා යුත්තේ කෙසේද යන පූර්ව දැක්මක් තිබියයුතු බව ය. මම හිතන්නේ මේ ගිවිසුම් ගැන අපි වඩා පුළුල් අධ්‍යයනයක් කරමු. මම සතුටුයි කියන්නට දැන් ඊට වඩා ඉතා සාර්ථක ධනාත්මක සාකච්ඡා වට කිහිපයක් තිබ්බා. මලික් සමරවික්‍රම මහත්මයාත් එක්ක, චම්පික රණවක මහත්මයාත් එක්ක. ඉරාන් වික්‍රමරත්න මහත්මයාත් එක්ක අපි සහභාගිවුනා ටීවි වැඩසටහනකට.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද පැවසී ය. මේ පාලන වෙනසට සහයෝගය දුන් විශාල වෘත්තීයවෙදීන් විශාල සංඛ්‍යාවක් අප අතර සිටිනවා. නමුත් සහයෝගය දුන් පමණින් කිසිම ආණ්ඩුවක් කරන හැමදේම හරිය කියන තැනක අපි නෑ. අපි හිතන්නේ ඕනෑම ආණ්ඩුවක් වැරදි දෙයක් කරනවා නම්, විශේෂයෙන්ම ඉතා විශාල බලාපොරොත්තු තබාගෙන මේ ආණ්ඩුව බලයට ගෙනා අපේ වගකිමක් තිබෙනවා මේ රජය හරිමගට ගැණිමට.
මේ සම්මන්ත්‍රණය අමතා මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය පී. එම්. එස් ගුණරත්න යන මහත්වරු විශේෂ දේශන පැවැත් වූ අතර වන චම්පික රණවක හා ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරු ද අදහස් දැක්වූ හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *