කොවිඩ් මෘතදේහ භූමදානය කළ හැකි යයි නිර්දේශ දුන් විශේෂඥ කමිටුව වළ දමයි !

කොවිඩ් නිසා මියයන අයගේ දේහ භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කොට ඇති බවත්, එම කමිටුවේ නිර්දේශ අනුව අවසන් තීන්දු ගන්න බවත් , මෙතෙක් කියා සිටි ආණ්ඩුව එබඳු කමිටුවක් පත්කළේ නැති බව දැන් කියා සිටින බව වාර්තා වෙයි.
එසේ වන්නේ, කොවිඩ් මෘතදේහ ආරක්ෂිත ක්‍රම යටතේ භූමදානය කළ හැකි බවට එම කමිටුව වාර්තාවක් භාරදීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.
රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මෙම කමිටුව පත් කළ බව කලින් වාර්තා වී තිබුන ද , ඇමතිනිය නිවේදනය කොට ඇත්තේ තමන් එබඳු කමිටුවක් පත් නොකළ බව යි.
කෙසේ වෙතත් , එම කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පසුගියදා භාරදෙනු ලැබී ය. වාර්තාව මේ වනතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැතත් , කොවිඩ් දේහ භූමදානය කිරීමෙන් අනතුරක් සිදුවීමේ ඉඩක් නැති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව වාර්තා වී ඇත.
ඉන්පසුව එම කමිටුවට එරෙහි ප්‍රහාරයක් මේ වනවිට එල්ලවෙමින් පවතින අතර දැන් සිදුව තිබෙන්නේ කමිටුව පත්කිරීම ගැන ද වගකිවයුත්තෙක් නැති තත්ත්වයකට පත්වීමයි.
