කලින් සිදු වූ කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වෙයි : මරණ ගණන 154 ක්

තවත් කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වී ඇති අතර එම මරණ දෙක ම සිදු වී ඇත්තේ කලින් දිනවල වීම විශේෂත්වයකි.

මෙයින් එක මරණයක් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවකගේ ය. පසුගිය 11 දා මියගිය ය කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගෙන වාර්තා කොට ඇත්තේ අද දිනයේ ය. ඇය නිවසේ දී මියගොස් ඇති බව කියති.

දෙවැනි මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ පදිංචිව සිටියෙකි. පෞද්ගලික රෝහලක දී ඊයේ මියගොස් ඇති ඔහුගේ මරණය කොවිඩ් මරණයක් ලෙස අද වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළ  ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *