බයිඩන් ජනපති කරන්න ඇමෙරිකන් ඉලෙක්ටෝරල් කොලීජිය සඳුදා රැස්වෙයි ; ට්‍රම්ප් අවසන් සටනක

ඇමෙරිකාවේ නව ජනාධිපති නිල වශයෙන් තෝරාගැනීම සඳහා එරට නීතිය අනුව පත්ව ඇති ඉලෙක්ටෝරල්  කොලීජියේ රැස්වීම ලබන සඳුදා (14 ) පැවැත්වෙන බව වාර්තා වෙයි.

ඇමෙරිකාවේ රාජ්‍ය (ප්‍රාන්ත ) 51 ක නියෝජිතයෝ 538 ක් ඉලෙක්ටෝරල් කොලීජිය නියෝජනය කරති.

පසුගියදා පැවතී මැතිවරණයේ ප්‍රතිඵල අනුව නියෝජිතයින් 306 ක් ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට ද ,නියෝජිතයින් 232 ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට ද හිමිවීය. ඒ අනුව ඉලෙක්ටෝරල් කොලීජියේ වැඩි බලය හිමි කරගත් ජෝ බයිඩන් ජනාධිපති ලෙසත් ඔහුගේ සහයට සිටින කමලා හැරිස් උප ජනාධිපතිනිය ලෙසත් නිල වශයෙන් පත්කර ගැනීම සඳුදා සිදුකිරීමට නියමිත ය.

මේ අතර එරට රාජ්‍ය කිහිපයක මැතිවරණ ප්‍රතිඵල අවලංගු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ නඩු 40 ක් පමණ මේ වනවිට එරට අධිකරණ ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කොට ඇතත් , මේ වනවිට ඔහු තවත් නඩුවක් ගොනු කොට ඇති බව වාර්තා වෙයි . එය ද සාර්ථක වීමට එතරම් ඉඩක් නැති බව එරට බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *