ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්තවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයකු වූ හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වන විට එතුමා 67 වන වියේ පසුව තිබේ. පසුගිය රජයන්වල කැබිනට් අමාත්‍යවරයකු, රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ.
ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධානයේ ඉදිරිපෙළ නායකයෙකු වූ අතර මිය යන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන සංවිධායකයා විය.
