අද අලුත් කොවිඩ් ආසාදිතයින් 496 ක් ; පොකුර 19,945 යි ; සමස්තය 23,478 යි

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදනය වුවන් 496 ක් අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය නිවේදනය කරයි.

ආසාදිතයින් 323ක් සහ 173 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය.

මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 19,945 දක්වා ඉහළ ගියේ ය. එනම් 20,000 ක් ආසන්නයේ පවතියි.

මෙරට දී හඳුනාගත් සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව 23,479 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වැඩි ම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යා වාර්තා වී ඇත්තේ කොළඹ නගර සභා සීමාව තුලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *