ගම්පහ දිස්ත්‍රික්කයට ම ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10.00 සිට සඳුදා (26) උදෑසන 06.00 දක්වා දින 05ක් ඇඳිරිනීතිය පනවා තිබේ. පවතින කොවිඩ් – 19 වසංගත තත්වය වර්ධනය් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් – 19 ආසාදියින් වාර්තාවීම ඉහළ යාමත් සමග මෙම තීරණය ගෙන ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ පහකට ඊයේ පන වූ ඇඳිරි නීතිය ද දිගට ම ක්‍රියාත්මක කොට ඇත.
කෙසේ වෙතත් අද (21) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර සිටියේ කොවිඩ් – 19 වෛරසය තවමත් සමාජගත වී නැති බවය.
