මාකඳුරේ මදුෂ් මරාදමයි

පොලිස් අත් අඩංගුවේ සිටි මාකඳුරේ මදුෂ් පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබ ඇත. අද උදේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදු වී තිබේ.
පොලිසිය කියන්නේ මෙය වෙඩි හුවමාරුවක දී සිදු වූ වෙඩි වැදීමකින් සිදු වූ මරණයක් බවයි. සඟවා තිබු හෙරොයින් කිලෝ 42ක් පෙන්වීමට ගිය අවස්ථාවක දී මෙම වෙඩි හුවමාරුව සිදු වූ බවත් , එහි දී මදුෂ් මියගිය අතර පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද තුවාල සිදු වූ බවත් පොලිසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේ මෙහෙයුමට පොලිසියේ විශාල කණ්ඩායමක් සහභාගී වූ අතර ඔවුන්ගේ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව මත මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මගින් මෙම මරණය ගැන නිගමනයකට පැමිණිය හැකි බවයි.
සිද්දිය ගැන පොලිසියේ සාක්ෂි හැර ස්වාධින සාක්ෂි කිසිවක් මේ වනතෙක් ඉදිරිපත් ව නැත.
වසර එක හමාරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මදුෂ් ඉහළ නියෝගයකින් කොළඹ අපරාධ කොට්ටාසයට භාර දී ඇත්තේ පසුගිය සිකුරදා ය.
